බදුල්ල නගරයේ අරාබි පාසලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් අද (16) අලුයම් කාලයේ දී වැටලීමට බදුල්ල පොලිස් කොට්ඨාස විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සමත් වී තිබේ.
වැටලීමෙන් එළවැස්සියන් හතර දෙනෙකුගේ මස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රිඩාංගනය ඉදිරියේ ඇති මෙම විදුහලට පොලිසිය පැමිණෙන විටත් මෙම ගවයන් මස්කරමින් සිටි බවත් මස් කිරීමට සූදානම් කර තිබු අවුරුදු 3ක පමණ වන වහුපැටියෙක් බේරාගැනීමට සමත් වී ඇති බවත් බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා පැවසීය.
මෙසේ නීතිවිරෝධි ලෙස මෙම ස්ථානයේ ගවයන් ඝාතනය කර, මස් නගරයේ ගවමස් වෙළෙඳසල්වලට සපයා ඇති බව විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය වාර්තා කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිමඩ, බෝගහකුඹුර, බණ්ඩාවෙල, හාලිඇල සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචි අවුරැදු 47,49,39,48 යන වයස්වල අය බව සඳහන් වෙයි.
ඉන් එක් සැකකරුවෙක් මෙම අරාබි පාසලේ අරක්කැමියා බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

