Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Hiru නාලිකාවටට මින් ඉදිරියට ක්‍රිකට් තහනම් කරයි

3 years ago

හිරු මාධ්‍ය ජාලයට මින් ඉදිරියට ක්‍රිකට් තරග ආවරණය සහ ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය සාකච්ඡා ආවරණය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවට ෂම්මි සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කර ඇති බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය ආවරණය කිරීම සඳහා සහභාගී වන ලද හිරු tv මාධ්‍ය ජාලයට මින් ඉදිරියට ක්‍රිකට් තරඟ ආවරණය කිරීමට සහ ප්‍රවෘත්ති සාකච්ඡාවලට සම්බන්ධවීමට අවස්ථාව හිමි නොවන බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හිරු නාලිකාව ද නිවේදනයක් නිකුත් කර සිටියේය.