Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරැල්ලේ විශේෂ පොලිස් මෙහෙයුමක්

3 years ago

බොරැල්ල පොලිස් වසමේ සහස්පුර මහල් නිවාස සංකීර්ණ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදුකර තිබේ.

ඊයේ (16) අලුයම එම මෙහෙයුම සිදුකර ඇති බව පොලිසි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.

ඒ සඳහා බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව තිබුණි.

එහිදි විවිධ අපරාධවලට සම්බන්ධ බවට සැක සහිත පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර වරෙන්තුකරුවෙකු සහ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.