Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මූඩියක් උගුරේ සිරවීමෙන් පුංචි මල් කැකුළක් අවාසනාවන්ත ලෙස යළි නොඑන ගමන් යයි! හත් හැවිරිදි අයියාගේ උත්සහයත් ව්‍යාර්ථ වෙලා!

3 years ago

ආලේපන කුප්පියක මූඩියක් උගුරේ සිරවීමෙන් අකුරැස්ස, තලහගම ප්‍රදේශයේ කුඩා දරුවෙක් පසුගිය 15 වනදා පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුද්දකුත් දින 15ක් වයසැති කුඩා දැරියක්.

සිය 07 හැවිරිදි වැඩිමහල් සොයුරා සමඟ නිවස තුළ සෙල්ලම් කරමින් සිටින අතර තුර දැරිය ආලේපන කුප්පියක මූඩියක් මුව තුළට දමාගෙන තිබෙනවා.

එම අවස්ථවේ දී සොහොයුරා එය ඉවතට ගන්නට උත්සාහ කළද එය සාර්ථක වී නැහැ.

පසුව ඔහු කෑගසා උදව් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ දී මව, පියා, සහ මිත්තණියට පැමිණ එය පිටතට ගැනීමට උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වී තිබෙනවා.

පසුව ඔහු කෑගසා උදව් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ දී මව, පියා, සහ මිත්තණියට පැමිණ එය පිටතට ගැනීමට උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වී තිබෙනවා.

අනතුරුව දැරියව කඹුරුපිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, දැරිය රෝහලට රැගෙන එන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ගය සඳහන් කළේ.

දැරියගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (16) පැවැත්වීමෙන් අනතුරුව දේහය ඇයගේ දෙමව්පියන් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.