Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

3 years ago

අද(18) උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලට නුදුරු ස්ථානයකදී බස් රථයක් ප්‍රපාතකයකට  පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් වෛද්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළේය. 

රාත්‍රී වැඩ මුරය නිමා කර නිවෙස් බලා යන් සිටි උමා ඔය ව්‍යාපෘතියේ සේවකයන් පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.