ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට අද (18) රාත්‍රියේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම භෝජන සංග්‍රහයට මැති ඇමතිවරුන්ට පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ටද ආරාධනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊයේ (17) සවස පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් යළිත් වතාවක් සිහිපත් කර තිබෙනවා.

