Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තමන්ට ත්‍යාග ලෙස ලැබුණු තිස් එක් ලක්ෂය දරුවන්ගේ යහපත වෙනුවෙන් යෙද වූ විදුහල්පති

3 years ago

සේවය කළ පාසලෙන් ස්ථාන මාරුවී යන දිනයේ තමන්ට ලැබුණු රුපියල් ලක්ෂ 31 ක මුදල් තෑග්ග සුවහසක් දරුවන්ගේ නැණ නුවන් පෑදීම වෙනුවෙන් පරිත්‍යාග කළ අපේ කාලයේ සැබෑ දිසාපාමොක් ඇදිරිඳු කෙනෙකු ගැන අපට තොරතුරු වාර්තා වෙනවා.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වසර නවයක් විදුහල්පති ලෙස සේවය කළ කසුන් ගුණරත්න ස්ථානමාරුවක් ලබා වෙනත් විදුහලකට සමුගෙන යන අවස්ථාවේ සිසුන්ගේ දෙමාපියන් විසින් ඔහුට රුපියල් ලක්ෂ 31 ක මුදල් ත්‍යාගයක් ලබාදීමට සුදානම් වු විට ඔහු එය ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු දෙමාපියන්ගෙන් එහිදී ඉල්ලා සිට ඇත්තේ තමන්ට ත්‍යාගයක් ලෙස ලබා දෙන ඒ රුපියල් ලක්ෂ 31 ක මුදල යොදවා විදුහලේ දරුවන් වෙනුවෙන් සුහුරු පුස්තකාලයක් (Smart Library) ඉදිකිරීමට කටයුතු කරන ලෙසයි.

හිටපු විදුහල්පතිගේ බලාපොරොත්තුව යථාර්ථයක් කරමින් දෙමාපියන් විසින් එම මුදල යොදවා ඉදිකළ කළ සුහුරු පුස්තකාලය විවෘත කිරීම සඳහාද දෙමාපියන් ආරාධනා කළේ කසුන් ගුණරත්නට වීමද මෙහි සුවිශේෂත්වක් වන අතර කසුන් ගුණරත්න වර්තමානයේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරනවා.