Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කටුනායකට පැමිණි ගුවන් යානයක් හදිසියේ ඉහළට එසවීමෙන් පන්සලක් ඇතුළු නිවාස රැසකට හානි

3 years ago

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සූදානමින් පැමිණි ගුවන් යානයක් පහළ මට්ටමකින් ගමන් ගැනීම නිසා, ගුවන් නියමුවා එක වර ම එම ගුවන් යානය ඉහළට එසවීමේදී ඇති වූ වායු තෙරපුම හේතුවෙන් කිලෝ මීටර් පහක් පමණ වපසරියක නිවාස හා දේපළවලට සිදුවූ හානියට මෙතෙක් කිසිදු වන්දියක් නොලද බව පවසමින් කටාන පොලිසියට සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට එම ආපදාවලට ලක්වූවන් පැමිණිලි කර ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 303 දරන ගුවන් යානය ඉකුත් පස්වන දා සවස සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට (A330 වර්ගයේ එයාර් බස් වර්ගයේ ගුවන් යානයක්) පැමිණි අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති අතර එම අවස්ථාවේ ගුවන් යානය තුළ ගුවන් මගීන් 292ක් සහ කාර්ය මණ්ඩලය 12ක් සිට තිබේ.

මෙම ගුවන් යානය අඩි 800ක තරම් පහළ උසකින් මේ ප්‍රදේශයෙන් ගමන් කර ඇති බව ත්, ඒ හේතුවෙන් මෙම ගුවන් යානයේ නියමුවා එක වරම මෙම යානය අඩි 2,000ක් තරම් උසකට රැගෙන යාමට පියවර ගැනීමත් සමග මේ තත්ත්වය ඇති වී තිබෙන බවත් සඳහන් විය.