Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2022 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට විශේෂ දැනුම්දීමක්

3 years ago

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

මේ අතර 2023 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම් පත් කැඳවීම ද ජුලි මස 28වන දින අවසන් වීමට නියමිතව තිබේ.

විභාගය සඳහා මාර්ගගතව අයදුම් කළ යුතු වන අතර අදාළ දිනයෙන් පසු අයදුම්පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට පමණක් ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලැබෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.