Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගනී! බෙහෙත් විස වුණොත් කළ යුතු දේ ගැන විශේෂ පුහුණුවක්!

3 years ago

ඖෂධ හෝ එන්නත් ලබා දීමේදී ඇතිවිය හැකි අසාත්මිකතා වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පසුගිය 17 වනදා රාත්‍රීයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම දැනුවත් කිරීම අසාත්මිකතා හඳුනා ගැනීම, වළක්වා ගැනීම හා එවැනි තත්ත්වයකදී ප්‍රතිකාර කිරීම යන අංශ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහිදී අසාත්මිකතා ඇතිවූ විට වැළැක්වීම, හඳුනා ගැනීම, ඖෂධ දෙන නියමිත මාත්‍රා සාන්ද්‍රණ, ඒවා ලබා දෙන වාර ගණන මෙන්ම ඖෂධ ලබාදෙන ආකාරය පිළිබඳව කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේ ය.

එමෙන් ම, එවැනි අසාත්මිකතා ඇතිවූ විට එයට ප්‍රතිකාර කිරීමේදී ගතයුතු පියවර ගැන ද එහිදී සාකච්ඡා වූ බව කී විජේසූරිය මහතා, මෙම වැඩපිළිවෙළේදී සිදුවන්නේ නව ක්‍රියාමාර්ගයක් ගැනීම නොව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සතු දැනුම වඩ වඩා ත් තියුණු කිරීම බවද පැවසුවේය.