Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

vaccination

අවු. 15ට අඩු දරුවන් ඉන්න මව්පියන්ට සෞඛ්‍ය අංශ වෙතින් පණිවිඩයක්

3 years ago

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසයි.

ඔහු පැවසුවේ වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යයෙන් ලබා දෙන ලෙසයි.

ඔහු පෙන්වා දුන්නේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා ගෙන්වා ඇති එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රමිතිය තහවුරු කළ ඒවා පමණක් වන බවයි.

ඒ අනුව රෝග නිවාරණය සඳහා අදාළ එන්නත් දරුවන්ට ලබා දීමට දෙමාපියන් කටයුතු කළ යුතු වන බවත්, නොඑසේ නම් රෝග රැසක් උත්සන්න වීමට එය හේතුවක් විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පෙන්වා දුන්නේය.