Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අකුරෙන් අකුර ගළපලා එයාලගේ නම්බර් Save කරලා දුක් විඳපු කාලේ ඉවරයි! වැඩ ලේසි කරන අලුත්ම WhatsApp update එක මෙන්න!

3 years ago

WhatsApp ඔස්සේ ඇමතුමක් ගැනීමට හෝ පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම් එම දුරකථන අංකය ජංගම දුරකථනය තුළ Save කිරිමට සිදුවනවා.

මෙම අපහසුතාවය මඟ හරවා ගැනීමට අලුත් Update එකක් හඳුන්වා දීමට meta ආයතනය ක්‍රියා කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට දුරකථක අංකය යොදා ගෙන Search කිරීම ඔස්සේ ඔබගේ Contact List එක තුළ Save කර නොමැති දුරකථන අංකවලට WhatsApp පණිවිඩ යැවීමේ හෝ ඇමතුම් ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.

මේ වන විට සියලු Android සහ iOS පරිශීලකයින් වෙත මෙම නවතම සංස්කරණය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව Start New Chats වෙත ගොස් ඔබට අවශ්‍ය දුරකථන අංකය Type කිරීම ඔස්සේ අදාළ WhatsApp ගිණුම සඳහා පණිවිඩ යැවීමට හෝ ඇමතුම් ගැනීමට හැකියාව පවතී.