Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රැකියා අහිමි වූ පිරිස් සඳහා නව රැකියාවක් සොයා ගැනීමට රජයෙන් උපකාරයක්

3 years ago

ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වූ පිරිස් යළි රැකියාගත  කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ක්‍රියාකාරී කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අධ්‍යාපන, මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති, සංචාරක, ප්‍රවාහන, වැවිලි කර්මාන්ත, කර්මාන්ත යන අමාත්‍යාංශවල ලේකම්වරු පත් කර ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අදාල කමිටුව පත් කිරීමට පියවර ගෙන තිබේ.