උසස් පෙළ සිසුන් සඳහා වන සියයට අසූව පැමිණීමේ ප්‍රතිශතය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී සුවිශේෂී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ පිළිබඳව සඳහන් කර සිටියා.
ඒ අනුව අමාත්‍යතුමන් ප්‍රකාශකර සිටියේ මෙම වර්ෂයට පමණක් ආවරණය වන ආකාරයට පැමිණිමේ ප්‍රතිශතය සියයට 40 සේ සලකා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට උපදෙස් ලබා දුන් බවයි.

