කෑගල්ල රෝහලෙන් ප්රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය 10 වැනිදා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම පුද්ගලයා කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉන් අනතුරුව ඔහුට ප්රතිජීවක ඖෂධ 13ක් ලබා දී ඇති අතර 14 වන ප්රතිජීවක ඖෂධය ලබාදීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.
දැනට මතභේදයට තුඩු දී ඇති ප්රතිජීවක ඖෂධය මොහුට ද ලබා දී ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කළේය.
නමුත් එදින කෑගල්ල රෝහලේදී මෙම ප්රතිජීවක ඖෂධය ලබාදුන් 19 වන රෝගියා මොහු බව ද වාර්තා වේ.
අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇති වීමට හැකියාව පැවති බවයි කෑගල්ල මූලික රෝහලේ බළධාරීන් ප්රකාශ කරන්නේ..
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි කෑගල්ල ප්රදේශයේම පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වේ.
