Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මගීන්ගේ සල්ලි සාක්කුවට දමා ගත් කොන්දොස්තලාට වැඩ වරදී

3 years ago

ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්දොස්තර මහතුන් 35 දෙනෙකුගේ දිනකට වැඩ තහනම් කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

බස් රථය ධාවනයේදී එකතු වන මුදල් සඳහා ටිකට්පත් ලබානොදී කොන්දොස්තර මහතුන් සල්ලි සාක්කුවේ දමාගැනීම එම වැඩතහනම් වීමට හේතුව බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ දූෂණ සහ අක්‍රමිකතා අවම කරමින් ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ ලබන තත්වයට කෙටි කළත් තුළ පත්කිරීමට අපේක්‍ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

පසුගිය 19 වනදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති උත්සවයකදීකදී ඔහු මෙම අදහස් පළ කළේය.