බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ගැසට්ටුව අහෝසි කර දිනකට බිත්තර මිලියනයක් ඉන්දියාවෙන් ගෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.
මේ වන විට දිනකට ලක්ෂ දහයක පමණ බිත්තර හිඟයක් වෙළෙඳපොළ තුළ නිර්මාණය වී ඇත.
මේ වන විට රාජ්ය වාණිජ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් බිත්තර මිලියන 35ක් ආනයනය කර තිබේ.
දැනට පවතින බිත්තර හිඟයට විසඳුමක් ලෙස දිනකට බිත්තර මිලියනයක් බැගින් රාජ්ය වාණිජ නීතිගත සංස්ථාව හරහා ඉන්දියාවෙන් ගෙන්වීමට සැලසුම් කර තිබේ.
එලෙස ගෙන්වන බිත්තර සුපිරි වෙළෙඳසල් හරහා රුපියල් 35ක මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇත.

