තවත් මවක් සහ කුඩා දැරියක් අතුරුදන් වී ඇති බවට හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙන බවට වාර්තා වෙනවා .
එලෙස අතුරුදන් වී ඇත්තේ, හඟුරන්කෙත, හෝප් වතුයායේ පදිංචි 20 හැවිරිදි මවක් සහ අවුරුද්දයි මාස 08ක් වයසැති කුඩා දැරියක්.
ඔවුන් පෙරේදා (20) අතුරුදන්වී ඇති බවට අදාළ කාන්තාවගේ මව විසින් හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
එම කාත්තාව සහ ඇගේ කුඩා දියණිය අතුරුදන්වූ දිනයේ ලංගම බස් රථයකින් හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ නගරයට පැමිණ තිබෙන අතර සිදුවීම සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කළ බව සඳහන්.
එහිදී ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ, එම කාන්තාව සහ දියණිය බස් රථයේ පැමිණි බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

