ඉදිරි ජනාධිපතිවරණයකදී, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා, පොහොට්ටු පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරු, ඉන් ඉවත් වී වෙනම සන්ධානයක් ගොඩ නැගීමට කටයුතු කරමින් සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
මෙම කණ්ඩායමේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබන්නේ නිමල් ලාන්සා විසිනි.
දැනට හතලිස් දෙනෙකු ඔහු සමග එකතු වී සිටින බව පුවත්පත වාර්තා කර තිබේ.
පොහොට්ටුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපාගේ කණ්ඩායම මෙන්ම ආණ්ඩුව නියෝජනය තරුණ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුද මෙම සංධානය තුළ සිටින බවයි පැවසෙන්නේ.
ඔවුන්, රාජගිරිය ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් පිහිටුවීමට ද කටයුතුකරමින් සිටින බව පුවත්පත වැඩිදුරටත් පවසා සිටියි.

