Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මරණ සහතිකය වෙනස් වෙයි! ඔබේ මරණ සහතිකය වෙනස් වන්නේ මෙලෙසයි!

3 years ago

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව යන ආයතන ඒකාබද්ධව එම මරණ සහතිකය සකස් කර ඇති බව ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මෙතෙක් පැවති මරණයට හේතුව පමණක් සඳහන් කොට B-18 පෝරමය යටතේ නිකුත් කළ මරණ සහතිකය වෙනුවට නව මරණ සහතිකය තුළ මරණයට හේතුපාදක වූ කරුණු හතරක් යටතේ කරුණු 24 ක් එහි අඩංගු කිරීමට නියමිතයි.

තවද රෝගියාට ලබා දුන් වෛද්‍යමය තොරතුරු, රෝගියා පිළිබඳ විස්තර, ඥාතීන් පිළිබඳ විස්තර ද ඇතුලත් වන අතර එය අන්තර් ජාතික නිර්නායකයන්ට අනුකූලව සකස් කරන ලද මරණ සහතිකයක් වීම ද විශේෂත්වයක්.