Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පච්ච (tatto) ගහන්නේ බලාගෙනයි! ටැටූ ගසන්නන්ගේ සංගමයෙන් ටැටූ ලෝලීන්ට අනතුරු ඇඟවීමක්!

3 years ago

පච්චා කොටන ආයතන නියාමනයට රජයේ කිසිදු අවධානයක් යොමු නොවීම සහ බොහෝ ආයතන නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ඒඩ්ස් ඇතුළු සමාජ රෝග සහ විවිධ ලෙඩ රෝග බෝවීමේ දැඩි අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා ටැටූ සංගමය සඳහන් කරයි.

මෙරට පන්දහසකට අධික ටැටූ ආයතන පැවතියද ඉන් ලියාපදිංචි වී ඇත්තේ140ක් පමණක් බවයි එම සංගමය පවසන්නේ.

පච්ච කොටන සියලුම ආයතනවලට ශල්‍යාගාරයක ඇති පහසුකම් සැපයිය යුතු අතර පච්ච කෙටීමට යොදාගන්නා වැඩබිම විෂබීජහරණය හා උපකරණ ජීවානුහරණය කර තිබිය යුතු බවද එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

එමෙන්ම  පච්ච කෙටීමට යොදාගන්නා කටු වර්ග එක්වරක් පමණක් භාවිත කළ යුතු වුවත් ඇතැමුන් විෂබීජහරණය කිරීමකින් තොරව කිහිපවාරයක්ම භාවිත කරන බවයි ඔවුන් පවසන්නේ.

මේ හේතුවෙන් සමාජ රෝග ඇතුළු විවිධ රෝග බෝවීමේ අවදානමක් ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙලෙස භාවිත කරන කටු වර්ග විනාශ කරදැමීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බවද ඒවා නිසි පරිදි බැහැර නොකිරීමෙන් පවා ජනතාවට හානිකර විය හැකි බව සංගමය පෙන්වා දෙයි.

මේ අතර ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණගෙන් පවසා සිටියේ දැනට හඳුනාගත් රෝගීන්ට රෝගය වැලඳුනේ කෙසේදැයි නිශ්චිතවම හඳුනාගෙන නොමැති බවයි. එහෙත් පච්ච කෙටීමේදී හෙපටයිටිස් රෝගය වැලඳීමේ අවදානමක් ඇතැ බව ඇය වැඩිදුරටත් පැවසුවාය.