Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඟුරුවාතොට මවයි දියණියයි මිහිදන් කරද්දී යුද පිටියක් ඇති වෙයි

3 years ago

අඟුරුවාතොට දී ඝාතනයට ලක් වූ මව සහ දියණියගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේදි සුසාන භූමියේ සිටි දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බව පොලිසිය පවසනවා.

ඉකුත් 18 වැනි දා පස්වරුවේ අතුරුදහන් වූ මෙම මවගේ සහ ඇයගේ කුඩා දියණියගේ මළ සිරුරු පසුව රත්මල්ගොඩ ප්‍රදේශයේ කැලෑවකට විසිකර තිබියදී සොයාගනු ලැබුවා.

ඝාතනය ලක් වූ මවගේ සහ දියණියගේ සිරුරු ඊයේ (22) ඇය පදිංචිව සිටි නිවෙසට රැගෙන ආ අතර ඇගේ සිරුරු තැන්පත් කර තිබූ පෙට්ටියටද සිල් තබා තිබු බවයි වාර්තා වන්නේ.

දේහයන් භූමදානය කිරීමෙන් පසු මියගිය කාන්තාවගේ සහ සැමියාගේ පාර්ශවයේ දෙපිරිසක් අතර ඇති වීමට ගිය ගැටුම අඟුරුවාතොට පොලිසිය සහ අමතර කණ්ඩායම් කැඳවා සිද්ධිය සමතයකට පත්කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇගේ සැමියාගේ මස්සිනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.