Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් 12,000කට රජයේ ස්ථීර රැකියා ලබා ගැනීමට අවස්ථාවක්

3 years ago

පළාත් පාලන ආයතනවල මේ වනවිට පුරප්පාඩු 12,000 ක් පවතින බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කරයි.

එබැවින් ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කිරීමට කටයුතු කරන බව ඔහු පවසනවා.

අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙන බවත් ඊට අදාළ තොරතුරු රැස් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

පළාත් පාලන ආයතනවල අනියම් ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් සංඛ්‍යාව 10,000 ක් බැවින් ඒ සදහා කඩිනමින් කැබිනට් අනුමැතිය ලබාගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.