ප්‍රථම වරට වැඩිම මිලකින් යුත් රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය ඩුබායි හි මාර්ගයක ධාවනය වන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම මෝටර් රථයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 28ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 9180කි.
මෙම මෝටර් රථය මිලට ගත් පාරිභෝගිකයා පිළිබද මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
මෙම මෝටර් රථය මිලට ගැනීමට පැමිණි පාරිභෝගිකයන් අතර අමෙරිකානු සංගීත යුවලක් වන ජේ.සී සහ බියොන්සේ ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මෙම මෝටර් රථ මිලට ගැනීමට පාරිභෝගිකයන් තිදෙනෙකු ඉදිරිපත් වි ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාවය රහසක් ලෙස තබා ගැනීමටයි රෝල්ස් රොයිස් සමාගම කටයුතු කර ඇත්තේ.

