Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙම් ඇරයුම ප්‍රතික්ෂේප කළ පාසල් සිසුවිය ගැබිණියක් කළ මහල්ලා

3 years ago

වයස අවුරුදු 13ක බාලවයස්කාර පාසල් දැරියක් ගැබිනියක් බවට පත් කිරීමේ සිද්ධියක් ගල්කිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 52 හැවිරිදි පුද්ගලයෙක් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රළපනාව, නවගත්තේගම, ආණමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකි.

ළමා ආරක්ෂක අධිකාරිය මඟින් ලැබුණු තොරතුරක් මත විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු කිහිප දෙනෙකුට මෙම බාලවයස්කාර දැරියගෙන් පෙම් සබඳතාව ඇරඹීමට ඇරයුම් කර ඇති අතර මේ වසරේ ජනවාරි මස දිනක දී රාත්‍රී 10ට පමණ දැරිය නිදා සිටි කාමරයට ඇතුළු වී සැකකරු තමාගේ මුහුණ වසා නිවෙස පිටුපසට රැගෙන ගොස් අතවරයට ලක්කර ඇති අතර අතවරයෙන් පසු සැකකරු එය කිසිවෙකුට නොකියන ලෙස පවසා ඇති බවද දැරිය පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.