පිලිපීනයේ මැනිලා නුවර Bay Area Paranaque නගරයේ පැවැති 2023 ලෝක විවාහක මිහිතල රැජින කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත්ව තිබෙනවා.
මෙහිදී ඇය Mrs Earth best in catwalk, Overall best in Gown, Overall Best in Resort wear, Best in Talent යන අනු තරග සියල්ලම ජය ගැනීමට සමත් වීම විශේෂයකි.
මෙම තරගයට පිලිපීනය, තායිලන්තය, ජපානය, ඇමෙරිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගී වී ඇත.

