Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද රැසක් කපා දමයි

3 years ago

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මින් ඉදිරියට ජනාධිපතිවරුන්ගේ නිල නිවාසවල ජල – විදුලිය මෙන්ම දුරකථන ගාස්තු සඳහා මුදල් වෙන් නොකරනු ඇති.

පසුගියදා හිටපු ජනාධිපතිවරයෙකුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු විසින් ඉකුත් මාසයකට අදාළ බිල්පත් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව මින් ඉදිරියට අදාළ බිල්පත් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුදල් ගෙවීමට කටයුතු නොකරන බවයි වාර්තා වන්නේ.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට ලබාදිය යුතු වරප්‍රසාද හා දීමනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ලබාදී තිබු නඩු තීන්දුවකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අනුව හිටපු ජනාධිපතිවරුන්ට හිමිව ඇත්තේ නිල නිවාස, වාහන නඩත්තු සහ ඉන්ධන දීමනාවක් පමණක් ලබාදීමට හැකියාව ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.