Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිලියන 2400ක ජනකායක් අතරින් හොඳම වීරක්‍රියාවට හිමි සම්මානය 14 හැවිරිදි ශ්‍රී ලාංකික දරුවෙකුට! සොහොයුරු පෙම මවුන්ට් බැට්න් පදක්කමෙන් පිදුම් ලබයි!

3 years ago

පසුගියදා රටවල් 56කින් සමන්විත, බිලියන 2.4ක ජනගහණයක් සහිත පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල 2022 වසරේ සිදුවූ කැපී පෙනෙනම වීර ක්‍රියාවට හිමි සම්මානය වන මවුන්ට් බැට්න් පදක්කම දිනා ගැනීමට නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික දරුවෙකු වන 14 හැවිරිදි කල්යා කන්දෙගොඩ ගමගේ සමත්වී තිබේ.

ඒ සමගම මෙම වීරත්ව පදක්කම දිනාගත් ලාබාලතම තැනැත්තා බවට පත්වීමටද කල්යාට අවස්ථාව හිමිව ඇත.

පසුගිය වසරේ අගෝස්තු මස 27 වනදා සිය සහෝදරයා සමඟ නවසීලන්තයේ දකුණු දිවයිනේ ගිනිකොන දිග ප්‍රදේශයේ ක්‍රිස්ටෝල්ස් වෙරළ තීරයට ගොස් තිබුණේ පාරු පැදීම සඳහාය. 

එහිදී 11 හැවිරිදි කිත්මි නොසිතූ මොහොතක එක්වරම මුහුදට ඇදවැටී තිබේ. 

මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන්
පිහිනීමට දක්ෂයෙකු වූ කිත්මිට සටන් කිරීමට නොහැකි වුවත් වැඩිමහල් සොහොයුරු කල්යා වෙරළට පිහිනාවිත් තිබුණි. 

සිය සහෝදරයා වෙරළට පැමිණ නොසිටි බව දැනගත් ඔහු යළි වේගයෙන් මුහුදට පිහිනා ගොස් තිබුණේ සිය මල්ලි බේරා ගැනීමේ අදිටනින් යුතුවයි.

මුහුදේ ගසාගෙන යමින් සිටි සිය සහෝදරයා වෙත ලංවීමට කල්යාට මීටර 60ක පමණ දුරක් වේගයෙන් පිහිනා යාමට සිදුවී තිබුණි. 

කල්යා – “ඔහු මුහුදේ තවත් ඈතට ගසාගෙන යද්දී මට බලාගෙන ඉන්න බැරිවුණා. ඉතින් මම මුහුදට පැන පිහිනා ගොස් පරිශ්‍රමයක් දරා ඔහු නැවත ගොඩබිමට රැගෙන ආවා.”

කිත්මි – “මම ඔහුට ස්තූති කරනවා මාව බේරාගැනීම ගැන.”

ඒ අනුව සිය සහෝදරයා බේරාගත් කල්යාට රාජකීය ජීවිතාරක්ෂක සංගමය මවුන්ට් බැට්න් පදක්කම පිරිනමනු ලැබීය.