විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන “ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සුදානම් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය අරඹන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
ඔහු සඳහන් කළේ ලක්දිව ඉංජිනේරු ආයතන මඟින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙන බවයි.
විදුලියෙන් ධාවනය වන බස් රථ ප්‍රචලිත කිරීම සඳහා මෙම වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශයේ අරමුණ බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.