Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමාත්‍යවරයෙකුගේ සුනඛයෙකු රැගත් බස් රථයක් අනතුරකට ලක්වෙයි

3 years ago

කොළඹ සිට හපුතලේ දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී බස් රථයක් අද (26) අළුයම හපුතලේ නගරයට නුදුරින් ස්ථානයකදී පාරෙන් ඉවතට පැන අනතුරට ලක් වී ඇති බව පොලීසිය පවසනවා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට අයත් සුනඛයකු ප්‍රවාහනය කළ බස් රථයක් මෙසේ අනතුරට ලක් වී ඇති බවට තොරතුරු අනාවරණය වන බව ප්‍රදේශවාසීන් පවසනවා.

අනතුරින් සුනඛයාට හෝ රියදුරුට කිසිදු හානියක් සිදුවී නොමැති අතර රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසනවා.