ලබන මස පළමු වැනිදා සිට දෙහිවල සත්වෝද්‍යානයේ අයිස්ක්‍රීම් අලෙවි කෙරෙන්නේ පොලිතින් ආවරණය ඉවත් කරමින් බව එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත පවසනවා.
සත්වෝද්‍යානය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත්කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඒ මහතා පවසනවා.
එමෙන්ම බිස්කට් අලෙවි කිරීමේ දී ද පොලිතින් ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බවත් කී ඒ මහතා මෙම කටයුතු සිදු කිරීමට සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නන්ගේ සහය අවශ්‍ය වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
සත්වෝද්‍යානය තුළ අලෙවිසල් පවත්වාගෙන යන්නන් සමග මෙම පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද අයිස්ක්‍රීම් අලෙවියේ දී ඉවත් කෙරෙන පොලිතින් ආවරණ එකතු කර අලෙවිකරුවන් ඒවා පාලන අංශ වෙත භාර දිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.

