ළඟදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙහි වෙනසක් වීමට ඉඩ ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පැතිර යාම සමඟ සෞඛ්‍ය ඇමති ධුරය ලබා ගැනීමට දේශපාලන පොරයක් හටගෙන තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙකු බවට පැවසෙන ආචාර්යවරයෙකු සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ද දැනටමත් නිල නොවන මට්ටමින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බවයි.
මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාම පෙර පැවැති ආණ්ඩුවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම් දැරූ පුද්ගලයන් වනවා.
කෙසේ නමුත් ජනාධිපති කාර්යාලය මේ දෙදෙනාගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන්.
මේ අතර මැතිසබයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය තනතුරක් දරන මන්ත්‍රිනියකට සෞඛ්‍ය අංශයේ අධීක්ෂණ වගකීමක් පැවරීම සම්බන්ධයෙන් සුදානම් ඇති බවද වාර්තා වනවා.
තවද වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සිය තනතුර ආරක්ෂා කර ගැනීම පිණිස විශේෂ සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

