Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාකිස්තානය සමග පැවති ටෙස්ට් තරගයේදී සුවිශේෂී දස්කම් පෑ සිංහ පුතුන් වසර 30ක් පැරණි වාර්තාවක් අලුත් කරයි

3 years ago

පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

එම ජයග්‍රහණයත් සමඟ පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් පාකිස්තාන කණ්ඩායමට හිමිවිය.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 166ක් පමණි. එහිදී ධනංජය ද සිල්වා ලකුණු 57ක් රැස්කරගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී Abrar Ahmed කඩුලු 4ක් සහ Naseem Shah කඩුලු 3ක් දවාගත්තේය.

පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 134ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 576ක් රැස්කරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Abdullah Shafique ලකුණු 201ක් හා Agha Salman නොදැවී ලකුණු 132ක් රැස්කරගැනීමට සමත්විය.

සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා ලකුණු 188කට දැවී ගියේය.

තරගයේ අවසානය තෙක් සටන්කාමී ඉනිමක් දියත් කළ Angelo Mathews නොදැවී ලකුණු 63 ක් රැස්කරගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය ඉතිහාසගත වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී ලැබූ දරුණුම ටෙස්ට් පරාජය ලෙසයි.

එමගින් බිඳ වැටුණේ 1993 වර්ෂයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තරගයකින් ඉනිමකින් හා ලකුණු 208කින් පරාජය ලබා පිහිටුවා තිබූ වාර්තාවයි.