Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් දරුවන්ට හා මව්පියන්ට ලැබුණු සුබ ආරංචිය

3 years ago

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් විසින් පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට තීරණය කර ඇති බව මුදල්‍ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කර්මාන්තකරුවන් ප්‍රකාශ කර ඇත්තේ, දැනට වෙළෙඳපොළේ පවතින තොගද නව මිල සංශෝධනය යටතේ ලබාදෙන බවයි.

ඒ අනුව, එම වාසිය සුවහසක් පාසල් දරුදැරියන් වෙනුවෙන් ලබාදීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා කර්මාන්තකරුවන්ට ස්තූතියද පළකර තිබේ.