Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අට මස් හැවිරිදි බිළිඳා විකුණා iPhone 14 දුරකථනයක් ගත් යුවළ

3 years ago

සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වු යුවළක් විසින් මාස 08ක් වයසැති දරුවකු මුදලට විකුණා ජංගම දුරකථනයක් මිලදී ගත් පුවතක් ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් වාර්තා වෙනවා.

ෂාති සහ ජයදේව් නම් මෙම යුවළ සිය පුතුව විකුණා එම මුදලින් iPhone 14 වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගැනීමට බව හෙළි වී තිබෙන්නේ.

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට මුදාහැරීම සඳහා එය මිලදීගෙන තිබෙන බවට වාර්තා වෙනවා.

එම යුවළ බෙංගාලයේ ඇවිදයමින් එම දර්ශන ඉන්ස්ටග්‍රෑම් සමාජමාධ්‍ය වෙත මුදාහැරීම‌ට කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශාල මුදලක් වැයකර දුරකථනයක් මිලදී ගෙන තිබීම සම්බන්ධයෙන් අසල්වැසියන්ට ඇතිවූ සැකයක් මත අසල්වැසියන් විසින් මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දී තිබෙනවා.

ඉන් පසුව සිදුකළ විමර්ශනයේදී මෙම යුවළ විසින් සිය දරුවා මුදලට විකුණා ඇති බව පොලීසියට අනාවරණය වී තාබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

පසුව ඉන්දීය පොලීසිය විසින් දරුවාගේ මව සහ දරුවා මිලදීගත් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙන අතර දරුවාගේ පියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවත් සඳහන්.

පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන්ගේ සිය 07 හැවිරිදි දියණිය ද විකිණිමට පියා මීට පෙර උත්සාහ කර ඇති බවයි.