Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුවේට්හිදී එල්ලා මැරූ ශ්‍රී ලාංකිකයාගේ සවේදී ඉල්ලීම

3 years ago

චෝදනා කිහිපයකට වරදකරුවන් වූ 05 දෙනෙකුට කුවේට් රාජ්‍යය ඊයේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකු ද ඒ අතර වෙයි.

මෙලෙස එල්ලා මරා දමා ඇත්තේ 43 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා,
“මොහු සන්තකයේ තිබිලා තියෙනවා අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ එකහමාරක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ භාගයක්. සන්තකයේ තබාගැනීමේ වරදට තමයි මොහුව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. අනතුරුව ඔහුව එල්ලා මරණයට පත්කරනවා. ඔහුගේ අවසාන ඉල්ලීමක් තිබුණා මෘත දේහය මෙරටට ගෙන්වලා ඔහුගේ මවට ලබා දෙන්න කියන එක. ඒ අවශ්‍ය කටයුතු අපි කඩිනමින් කරනවා.”