ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන්ට අමාත්‍යධූර හිමි නොවීමේ හේතුව මත පමණක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදී සිටීමට හැකියාවක් නැතැයි පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
පොදු ජන පෙරමුණේ ජේෂ්ඨ මන්ත්‍රී පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
තම මතයට එකඟව ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ නම් ඔහුට සහාය දීමෙන් පලක් නැති බව බව මෙම පිරිස පෙන්වා දී ඇති අතර මෙතෙක් අමාත්‍යධුර නොලැබීම සම්බන්ධයෙන් ද ඔවුන් තම නොසතුට පල කර ඇත.
කෙසේ වෙතත් අමාත්‍යධුර නොලැබුණු පමණින් ජනාධිපතිවරයාට සහාය නොදී සිටීම පොදු ජන පෙරමුණ පෙරමුණේ මතයට කරන හානියක් බව ද තම පක්ෂයට ලැබුන ජනවරම අනුව කටයුතු කරන නිසා ජනාධිපතිවරයාට දිගටම සහයෝගය දිය යුතු බවද බැසිල් රාජපක්ෂ එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
නමුත් ජනවරමට පිටුපා යන තත්ත්වයකට ජනාධිපතිවරයා පත් වූවොත් ඒ ගැන අවධානය යොමු කර ඒ මොහොතේ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
නමුත් මින් පෙර පොදුජන පෙරමුණ නව අමාත්‍යවරුන් පත් කළ යුතු බවට දැඩි මතයක පසු වූ අතර මේ වන විට බැසිල් රාජපක්ෂ සිය මතය වෙනස් කරගෙන තිබේ.

