Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශේෂ කාර්ය බලකා නිළධාරීන්ගේ මොළය පරික්ෂා කරන්න ක්‍රමවේදයක්

3 years ago

පොලිස් විශේෂ කාර්ය බළකාය ඉතිහාසයේ පළමු වතාවට මනෝවිද්‍යා ඒකකයක් ආරම්භ කර තිබෙනවා.

පශ්චාත් යුද්ධ සමයක සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණයකදී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ මානසික ගැටලු හා මත්ද්‍රව්‍ය ගැටලු හඳුනා ගැනීම සහ රැකියා පීඩනයන් හඳුනා ගනිමින් එම තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා නිලධාරීන්ගේ මනස සවිමත් කිරීම මෙම ඒකකයේ අරමුණ බවයි සඳහන් වන්නේ.

උපදේශන මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ නිලධාරීන් 16 දෙනෙකු ද අලුතින් ඇරඹුණු මනෝවිද්‍යා ඒකකයට මේ වනවිටත් සම්බන්ධ කර ගෙන තිබෙනවා.

මේ නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් සහ පොලිස් පරීක්‍ෂකවරුන් ද වන බව සඳහන්.