Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්

3 years ago

නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන විෂයන් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර අධිකරණයේ තහනම් නියෝග හේතුවෙන් ගුරු – විදුහල්පති බඳවා ගැනීම් ප්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.