Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුඩා දැරියගේ මරණයෙන් ගම්වාසීන් කිපෙයි! බවුසරයක් ගිනිබත් කරයි!

3 years ago

මඩකලපු වාලච්චේන ප්‍රදේශයේ ඕමනියා මඩු දෙසට ඇති අතුරු මාර්ගයක ධාවනය වූ ජල බවුසරයකට යටවීමෙන් අවුරුදු හයක කුඩා දරුවෙකු ඊයේ (29) දින ජීවිතක්ෂයට පත්ව ඇත.

ජල බවුසරය මාර්ගයේ නවතා පසු පසට ධාවනය කිරීමේදී පිටුපසින් පැමිණි පාපැදියේ ගැටී ඇති අතර පාපැදියේ දරුවන් දෙදෙනෙකු ගමන්කර එක් දරුවෙකු තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

බීමත් රියදුරකු විසින් එම බවුසරය පදවා කුඩා දරුවා මරණයට පත් කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් අදාළ රථයට ගිනි තබා ඇති අතර රියදුරා සහ සහායකයා පලා යාමේදී ප්‍රදේශවාසින් විසින් අල්ලාගෙන පොලිසියට බාර දී ඇත.