දේශපාලකයන් හා පාතාල අපරාධකරුවන් සොරකම් කරන ලද හෝ අපරාධවලින් උපයාගෙන විදේශ රටවල සඟවා ඇති මුදල් නැවත මෙරටට ලබාගෙන රාජසන්තක කිරීමට හැකිවන නව නීතියක් පැනවීමට රජය තීන්දු කර තිබෙනවා.
ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදුන් උපදෙස් අනුව මෙම නීතිය පැනවීමට රජය අපේක්ෂා කරන බව දැනටමත් මුල්‍ය අරමුදලට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ 2024 මාර්තු මස වන විට මෙකී නව නීතිය කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අධිකරණ අමාත්‍යවරයා ප්‍රතිඥා දී ඇති බවයි.
ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක කළු මුදල් විශුද්ධිකරණය කිරීමට විවිධ රටවල ගිණුම්ගත කර හෝ ව්‍යාපෘතිවල ආයෝජනය කර ඇති දේශපාලකයන් හා පාතාල අපරාධකරුවන් ගැන තහවුරු නොකළ වාර්තා රජයට ලැබී තිබෙන බව සඳහන්.
පැනමා පත්‍රිකා, පැන්ඩෝරා පත්‍රිකා ආදිය මඟින් මෙබඳු කළු සල්ලි ආයෝජකයන් ගැන තොරතුරු වාර්තා වී තිබෙනවා.
