පාසැල් සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත්, උසස් පෙළ විභාගය 12 වසරේ දීත් පැවැත්විය යුතු බවට තමන් අධ්‍යාපන අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේදී යෝජනා කරන ලද බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.
රූපවාහිනි නාලිකාවක පැවති වැඩසටහනක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
‘මම අධ්‍යාපන ඇමතිතුමාගෙන් පාර්ලිමේන්තුවෙදී ප්‍රශ්න කලා උසස් පෙල පිලිබදව එහිදි අනාවරණය වුනා උසස් පෙල අවසන්කොට විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා ආසන්න වශයෙන් මාස 14ක් ගතවන බව.
ජාත්‍යන්තර පාසල් යනව ලමයි වයස 21 වෙද්දි උපාදිය ලබාගන්නවා නමුත් රජයේ පාසල් වලට යන ලමුන් විශ්ව විද්‍යාලවලට ඇතුල් වෙන්නෙ වයස 21දී උපාධිය ගන්න 25 හා 26 වෙනවා
ඉතින් මේ තත්වය විසදන්න නම් පෙර පැවති පරිදි අ.පො.ස. සාමාන්‍ය පෙල 10 වසරදීත් උසස් පෙල 12 වසරදිත් කරන්න ඕනේ අන්වශ්ය ලෙස උත්තර පත්‍ර බලන්න යන කාලය අඩුකරන්න ඕනේ.
එවිට ලමයින්ගේ ජීවිත කාලයේ වඩා වටිනා කාලයක් ඉතුරු කරන්න පුලුවන් රජය වහාම මේ වෙනස්කම් කල යුතු යැයි මා යෝජනා කරනවා’
මේ අතර පසුගියදා නිකුත් වූ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සහාවේ වාර්තාව මඟින්ද මෙම යෝජනා නිර්දේශ කර තිබුණි.
