දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගිවන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර ඊයේ (30) ආරම්භ වුණා.
පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන්නේ ගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි.
එම තරඟය ආරම්භයේදී උමාරා සිංහවංශ මහත්මිය ජාතික ගීය ගායනා කිරීම සිදු කරනු ලැබුවා.
මේ අතර ජාතික ගීය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
උමාරා සිංහවංශ විසින් මෙම ගායනය සිදු කළ අතර එය ශ්‍රී ලංකා ජාතික ගීය මෙතෙක් ගායනා කළ ආකාරයට වෙනස් ආකාරයකින් ගැයීම සම්බන්ධයෙන් මෙම විවේචනයන් එල්ල වෙමින් ඇත.
ක්‍රිකට් ආයතනයටත්, තරගාවලිය සංවිධායකයන්ටත්, ගැයූ ගායිකාවටත් මේ ගැන චෝදනා එල්ලවෙමින් තිබේ.

