සියළුම රජයේ බැංකු, රජයේ නිවාඩු දිනවලද විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා.
අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභීන්ට ගිණුම් විවෘත කිරීම පහසු කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව අද (01) දිනයේදී සියළු රාජ්‍ය බැංකු විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
මෙතෙක් ගිණුම් විවෘත කර නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් හැකි ඉක්මනින් ගිණුම් විවෘත කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිරිනවා.

