විසි පස් හැවිරිදි ශ්‍රී ලාංකික යුවතියක් ඇයට ෆේස්බුක් ඔස්සේ හමු වූ පෙම්වතා සොයා ඉන්දියාවට ගිය පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
තරුණයා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි පදිංචි තරුණයෙකි.
මීට වසර 6කට පෙර ෆේස්බුක් ඔස්සේ හඳුනාගෙන ඇති ඔවුන් දෙදෙනා අතර පසුව ප්‍රේම සබඳතාවක් හටගෙ තිබේ.
ශිවකුමාරි විග්නේෂ්වරී නමැති මෙම කාන්තාව සංචාරක වීසා ලබාගෙන ඉන්දියාවට ගොස් 28 හැවිරිදි ලක්ෂ්මන් නමැති තරුණයා සමග ඔහුගේ ප්‍රදේශයේ කෝවිලකදී පසුගිය 20 වනදා විවාහ ගිවිස ගෙන තිබෙනවා.
මෙම තරුණයා වෘත්තියෙන් පෙදරේරුවෙකු බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් විග්නේෂ්වරීගේ සංචාරක වීසා කාලය අගෝස්තු 15 වැනිදා අවසන් වූ පසු ඇයට රටින් පිටව යන ලෙසත් නැතිනම් කාලය දීර්ඝ කරගන්නා ලෙසත් බලධාරීන් දැනුම් දී තිබෙනවා.
විවාහයෙන් අනතුරුව ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීම විග්නේෂ්වරී සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.
