Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියානු බීත්තර

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර කල් තබා ගත හැකි දින ගණන දැනුම් දෙයි

3 years ago

ඉන්දියාවෙන් ආනයනය කෙරෙන බිත්තර මිලියනය බැගින් දෛනිකව සතොස වෙළඳසැල් ජාලය වෙත බෙදාහරින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

ඒ අනුව ලංකා සතොස මඟින් පළමු අදියර යටතේ මේවනවිට බස්නාහිර පළාත තුළ බිත්තර අලෙවි කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ඉදිරි සති දෙක තුළදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද ලංකා සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව ද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති වලිසුන්දර ප්‍රකාශ කළා.

ඉන්දියාවේ සිට මෙරටට බිත්තර ආනයනය කෙරෙන්නේ ශිතකරණ පහසුකම් යටතේ වුවත් ශිතකරණ පහසුකම් නොමැති පාරිභෝගිකයෙකුට දින 4ක් ඇතුළත ඒවා පරිභෝජනයට ගැනිමේ හැකියාව පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.