Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ගුරුවරුන්ට මුදල් අයකර පංති පැවැත්වීම තවත් පළාතක තනම් කරයි

3 years ago

පාසල් ගුරුවරුන් හට තම පන්ති කාමරයේ ශිෂ්‍යයන් සඳහා මුදල් අය කොට බාහිර පන්ති පැවැත්වීම තහනම් කිරීමේ නීතිය ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක විය යුතු බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසනවා.

ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ක්‍රීඩා නේවාසිකාගාරය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (31) සම්බන්ධ වෙමින් ආණ්ඩුකාරවරයා ඉහත අදහස් පළ කළා.

මෙහිදී තවදුරටත් අදහස් පලකල ඒ මහතා මෙසේද සඳහන් කළා.
“පාසල් ගුරුවරුන් තම පන්තියේම සිසුන් හට මුදල් අයකරමින් පාසල් කාලයෙන් පසු හෝ ඉරිදා සෙනසුරාදා බාහිර පන්ති පැවැත්වීම බහුතර විදුහල්වල සිදුවුණා. මුදල් ඇති දෙමව්පියෝ ඒ සඳහා තම දරුවන් යොමු කළත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට මේ හේතුවෙන් විශාල අසාධාරණයක් වුණා. පන්තියේ උගන්වන්නේ නැති බොහෝ දේ මෙම බාහිර පන්තිවල උගන්වන බවට දෙමවුපියෝ අපිට පැමිණිලි කළා. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මධ්යම පළාතේ පාසල්වල ගුරුවරු හට තම පංතියේ සිසුන් උදෙසා මුදල් අයකරමින් බාහිර පන්ති පැවැත්වීම අප තහනම් කළ පසු ඒ තහනම මේ වන විට සබරගමුව හා දකුණ පළාත් වල ක්රියාත්මක කිරීමට ආණ්ඩුකාරවරු පියවර ගත්තා. තරඟකාරී රැල්ලට දුවන අධ්‍යාපන රටාව දරුවන්ගේ පෞරුෂත්වයට අභියෝගයක් වෙලා.මම හිතන්නේ මෙම නීතිය ජාතික වශයෙන් රට තුළම ක්‍රියාත්මක වීමෙන් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තවදුරටත් තහවුරු කිරීමට හැකි වෙනවා. සෑම දරුවකුටම අධ්යාපනයේ අයිතිය සම සමව ලැබෙනවා.”