බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබන සතියේ දී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත වාර්තා වනවා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ සියළු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
13 වන ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ අණ පනත් ගෙන ඒම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කිරීමට නියමිත බව සඳහන්.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පොලිස් බලතල හැර අනෙක් බලතල බෙදා ගන්නේ කෙසේද යන්න ද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කරනු ඇති බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂවල එක් මතයක් නොමැති වීමෙන් ජනාධිපතිවරයාගේ කටයුත්තට බාධාවක් වී ඇති බව වැඩිදුරටත් සඳහන්.

