පාදුක්ක ප්‍රදේශයේ පාසලක භූතාත්මකයක් සැරිසරන බවට මතයක් හේතුවෙන් එහි සිසු සිසුවියන් මෙන්ම ගුරුවරුන්ද ගැටළුකාරී තත්වයකට මුහුණ පා ඇති බව වාර්තා වනවා.
එම පාසලේ ඉගෙනුම ලැබූ ක්‍රීඩාවට දක්ෂ ශිෂ්‍යාවක පසුගිය කොරෝනා සමයේ දී මියගොස් තිබෙනවා.
පසුව ඇයගේ භූතාත්මය පාසලේ ගැවසෙන බවට රාවයක් පැතිර ගොස් ඇති බව සඳහන්.
මෑතකදී මෙම පාසලේ දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ලබාගත් ඡායාරූපයක අදාළ තරුණියගේ ඡායාව වැන්නක් දක්නට ඇති බවද වාර්තා වෙනවා.
මේ හේතුවෙන් පාසලට දෛනික සිසුන්ගේ පැමිණීම ද අඩු තත්ත්වයක පත්ව තිබෙනවා.
ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය පිළිබඳ කිසිවෙකු හෝ මැදිහත් වී සත්‍ය තත්ත්වය හෙළිකර දරුවන් සහ ගුරුවරුන් දැනුවත් කරන ලෙසයි.

