Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජීව විද්‍යාව හැදෑරූ සිසුන්ට පමණක් හෙද වෘත්තීය සීමා වූ යුගය නිමවෙයි! ඕනෑම විෂය ධාරාවක් හදාරා හෙද වෘත්තීයට පිවිසීමට වරම්!

3 years ago

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත (NMRA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත (SLMC) සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩාත් විවෘත හා සාධාරණ වෙළෙඳපොළකට ඉඩ සැලසීම සඳහා එම තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

විද්‍යා විෂය ධාරාව පමණක් නොව සියලුම විෂය ධාරාවන් හැදෑරූ සිසුන්ට හෙද වෘත්තීය විවෘත කිරීමට ද තමා අදහස් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ ඖෂධ පරීක්ෂාව සඳහා ‘Benchmark 4’ නම් ලොව ඉහළම පිළිගැනීමක් ඇති නවීන රසායනාගාර පහසුකම් මෙරට තුළ ස්ථාපිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම අපේක්ෂා කරන බවයි.